Wednesday, April 3, 2024

NC-0793

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-0793


 

63-4528

  Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් TATA - LP 1510/52 මාදිලිය Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
බස් රථය 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන ⁣අතර එහි පිස්ටන් වල සම්පූර්ණ විස්ථාපනය (Displacement) 5675 cc වේ...
එමෙන්ම ඉන්ධන පද්ධතිය ස්වභාවික ඍජු විදුම් (Direct Injection - Naturally Aspirated) තාක්ෂණයෙන් යුක්තයි...
චැසියේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm කි.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි ආන්ත්රික සුක්කානමක් (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
පැති හදිසි පිටවීමේ දොරටුවක්ද (Emergency Exit) බස් රථය සතු වේ..
වඩාත් ඉඩකඩ සහිත පළලින් වැඩි මගී ආසන 42 කින් (2*2 Layout) යුත් මෙම මාදිලියේ බස් රථ එදා මෙදා තුර ලංගම සතු වූ හොඳම බස් මාදිලියක් ලෙස සැලකේ...
මෙම බස් රථයේ ලියාපදිංචි අංකය 63-4528