Sunday, June 1, 2025

GI-0480

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් TATA LP 1510/36 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වෙනුවෙන්ම නිපදවූ තනි දොර බස් රථ මාදිලියක් වුවත් Dimo සමාගම විසින් මෙම බස් රථ ඉතාම සුළු ප්රමාණයක් එවකදී පුද්ගලික අංශය වෙතද අලෙවි කරන ලදී...
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම මාදිලියේ බස් රථ කඳුකර ග්රාමීය සේවා සපයන ඩිපෝවන් මගින් තවමත් අඛණ්ඩ ධාවනය⁣ට එක් කර තිබේ..
ලියාපදිංචි අංකය GI-0480

 

61-9521

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Lanka Ashok Leyland Ltd සමාගම මගින්  1998 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ.. 
ලියාපදිංචි අංකය 61-9521