Friday, April 28, 2023

62-6855

 

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් 62-6855 ලියාපදිංචි අංක දරණ TATA LPO 1313/55 වර්ගයේ බස් රථයක්..
Wesco සමාගම මගින් බ්රිතාන්ය Duple metsec තාක්ෂණය යටතේ මෙරට වේරහැර කර්මාන්ත ශාලාවේදී බඳ නිෂ්පාදනය කරන ලද බස් වර්ගයකි..
වේරහැර කර්මාන්ත ශාලාව මේ වන විට සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර වර්ෂ 1996/97 යුගයේදී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් මෙම වර්ගයේ මෙන්ම ISUZU වර්ගයේ බස් රථ සඳහාද බඳ නිෂ්පාදනය සිදු කරන ලදී..
මේ වන විට මෙම වර්ගයේ බස් රථ ලංගම ඩිපෝ සතුව ඇත්තේ ඉතා සීමිත ප්රමාණයකි.
පසුව කරන ලද අළුත්වැඩියාවන් හේතුවෙන් මෙම බස් රථයේ මුල් පෙනුම වෙනස් වී තිබුනත් මෙම තත්ත්වයෙන් හෝ බස් රථය ආරක්ෂා කරගෙන ධාවනය කරවීම සම්බන්ධයෙන් දැරණියගල ඩිපෝවට ස්තුතිය පුදකල යුතුය.

No comments:

Post a Comment