Sunday, April 30, 2023

63-0162

 

Pic by Sampath Samarasinhe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු TATA LP 909/36 වර්ගයේ බස් රථයක්...
ලියාපදිංචි අංකය - 63-0162
වර්ෂ 1999 දී ග්රාමීය සේවා සඳහා විශේෂයෙන් ආනයනය කරන ලද බස් රථ විශේෂයකි..එවක ප්රවාහන අමාත්යවරයා වූ A.H.M ෆවුසි මහතාගේ සමයේ ව්යාපෘතියක් ලෙස මෙම වර්ගයේ බස් රථ ලංගම වෙනුවෙන් මෙරටට ගෙන්වන ලද අතර "ෆවුසි බඩී " යන අනවර්ථ නාමයෙන් හඳුන්වන්නේද මෙම වර්ගයේ TATA 909 බස් රථයි..
එවක ලංගම වර්ණය වූ තනි කහ වර්ණයෙන් මෙම බස් රථ සියල්ල වර්ණ ගන්වා තිබුනි..
697 DI කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වුනු අතර Power Steering ද සහිත විය..
කඳුකර පලාත්හි ඩිපෝ සඳහා මෙම වර්ගයේ බස් රථ වැඩි වශයෙන් ලැබුනු අතර දුෂ්කර ග්රාමීය පලාත් වල මගී ජනතාව වෙනුවෙන් විශාල ⁣සේවයක් මෙම රථ වලින් සිදුවිය..
ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත් බස් රථ විශේෂයක් වන අතර මෙම වර්ගයේ සියළු බස් රථ වල බඳ ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් නිපදවා ඇත..
මගී ආසන 32 කින් යුක්ත වූ අතර මෙම වර්ගයේ බස් රථ බොහොමයක් මේ වන විට අදාල ඩිපෝවන් මගින් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත

No comments:

Post a Comment