Saturday, May 6, 2023

NC-0835

Pic by Sampath Samarasinghe 

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොනරාගල ඩිපෝව සතු Ashok Leyland Viking 193 වර්ගයේ Alma බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක NC 0835 දරණ මෙම බස් රථය 2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ මොනරාගල ඩිපෝවට ලැබී ඇත..
2014 වර්ෂයේදීම නිෂ්පාදිත බස් රථයක් වන අතර H Series 6ETI3K Turbo Intercooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ..
බස් රථය මගී ආසන 42 කින් සමන්විත වන අතර බල හැසිරුම් සුක්කානමකින් (power steering) සහ Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වේ.. චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ.. ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි...
ඉන්දියාවේ කර්ණාටක ප්රාන්තයේ Belgaum හි පිහිටි MG Automotives (Bus and Coach) පුද්ගලික සමාගම (formerly known as MG Alma) මගින් මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...

No comments:

Post a Comment