Sunday, May 7, 2023

ND-9888

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ඩිපෝවට අයත් Ashok Leyland 12M වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්..
(12M SLTB Edition)
2019 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවාගෙන ඇත..
ඉන්දියාවේ මුම්බායිහි Bharat Coach Builders පුද්ගලික සමාගම මගින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv වර්ගයේ එන්ජිමකින් මෙම බස් රථය බලගැන්වේ..
එසේම බල හැසිරුම් (Power Steering) සහිත සුක්කානමකින් සමන්විත අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි (6F+1R)
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 50 කින් සමන්විතයි..
බස් රථය හදිසි පිටවීමේ දොරටු (Emergency Exit) දෙකකින්ද සමන්විත අතර පිටුපස වාමුවාවද ඇතුලතින් විවෘත කල හැකි පරිදි හදිසි ⁣පිටවීමේ දොරටුවක් ලෙස සකසා ඇත..
රෝද අතර පරතරය 6200 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ A කාණ්ඩයට අයත් බස් රථ විශේෂයකි..
ලංගමය සතු දිගින් වැඩිම බස් රථ විශේෂයද මෙම වර්ගයයි..
ලියාපදිංචි අංක ND 9888 

No comments:

Post a Comment