Wednesday, June 28, 2023

NA-5328

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් TATA LP 1510/52 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2007 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. ( Naturally Aspirated )
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද ( Power assisted Steering ) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම ( Ruby Rushi ) මගින් නිපදවා ඇත..
සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට ( Specifications ) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය ( wheel base ) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස ( FOH ) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස ( ROH ) 3115 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..

Important ~ 🚫

2003 අංක 36 දරණ [ සංශෝධිත ] බුද්ධිමය දේපල පනත ( Intellectual Property Act No; 36 of 2003 ) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට ⁣හෝ විකිරණයකට ( infix ) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත... 

 

No comments:

Post a Comment