Tuesday, June 20, 2023

NB-7369

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධි සුඛෝපභෝගී සංචාරක ප්රවාහන සේවයට (Super Luxury Tourist Transport Service) - [SLTTS]අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී (A/C) බස් රථයක්...
සම්පූර්ණයෙන්ම චීනයේ නිෂ්පාදිත බස් රථයකි... චීනයේ හෙනාන් පළාතේ Zhengzhou නගරයේ පිහිටි Zhengzhou Yutong Group Company Ltd මගින් නිපදවූ ZK6910H කාණ්ඩයේ චැසියක් මත එම සමාගම මගින්ම සම්පූර්ණ බඳ හා අනෙකුත් එකලස් කිරීම් සිදුකර ඇත..
වර්ෂ 1963 දී Zhengzhou Bus Repair Factory නමින් ආරම්භ වී ඇති සමාගම 1993 සිට Zhengzhou Yutong Bus Company Ltd නමින් අද දක්වාම සිය නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු සිදුකරයි...
Yutong , චීන බස් නිෂ්පාදන සමාගම් අතර පෙරමුණේම සිටින සමාගමක් වේ...
ලොව රටවල් තිහකට අධික සංඛ්යාවකට මේ වන විටත් අපනයන සිදුකර ඇති අතර ගෝලීය වෙළඳපොල තුළද ප්රමුඛයන් අතර සිටී...
2016 වසර වන වි⁣ට විකුණුම් පරිමාව අනුව ලොව විශාලතම බස් නිෂ්පාදකයා වූයේද Yutong සමාගමයි...
2013 වර්ෂයේදී නිෂ්පාදිත මෙම බස් රථය 9M හෙවත් Midi Coach ශ්රේණියේ බස් රථයකි...
Cummins ISB6.7E525 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වෙන අතර එය බස් රථයේ පිටුපස පිහිටුවා ඇත...( Rear Engine )
අයන්ත්රික Syncromesh ගියර පද්ධතියක් බස් රථය සතු වන අතර එය ඉදිරියට වේග 5 කි..
(Manual Transmission - 5F + 1 R)
එමෙන්ම ද්විත්ව පරිපථ වායු තිරිංග (Dual Circuit Air Brake System) පද්ධතියක් සහිත වේ..
වායු අවලම්බන (Air Suspension)පද්ධතියකින් සමන්විත අතර දුරේක්ෂ කම්පන අවශෝෂක (Telescopic Shock Absober) මගින් කම්පන උරා දී සුමට ධාවනයකට ඉඩ සලසා දෙයි..
වායු ආධාරක හයිඩ්රොලික (Hydraulic remote control with air assistance Clutch) ක්ලචයක්
භාවිතා වන අතර සුක්කානම සම්පූර්ණයෙන්ම බල හැසිරුම් ( Power Assisted Steering ) සහිත වේ..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4600 mm වේ..
ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1935 mm වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 2790 mm වේ..
එසේම බඳ නිමැවුමට පසු සමස්ත දිග (Length) 9295 mm , පළල (Width) 2480 mm හා උස (Height) 3330 mm ප්රමාණයක් ලෙස දැක්වේ... එමෙන්ම දළ බර ( Gross Weight ) 12935 Kg වේ...
සීරුමාරු කළ හැකි උස් මගී ආසන (Adjustable Headrest) 39 කින් සමන්විත අතර එය 2*2 නිමැවුමට (Layout) සකසා ඇත..
වායුසමීකරණ කන්ඩෙන්සනරය බස් රථයේ වහලය මත පිහිටුවා ඇති අතර Line A/C පද්ධතිය මගින් සෑම ආසනයකටම පහසුවෙන් වාතාශ්රය ලබා දේ... එමෙන්ම සෑම ආසනයකටම කියවීම් ලාම්පු (Reading Lamps) ද සහිතයි..
2013 වසරේ මෙරටදී පැවැත්වූ පොදු රාජ්ය මණ්ඩල රාජ්ය නායක සමුළුව (Chogm) සඳහා සහභාගි වූ රාජ්යතාන්ත්රිකයන්ගේ ගමන් පහසුව සඳහා එවක පැවති රජය මගින් මෙම Yutong ZK6930H වර්ගයේ බස් රථ 85 ක් චීනයෙන් ආනයනය කර ඇති අතර සමුළුව නිමා වීමෙන් පසු ඉන් බස් රථ 68 ක් ලංගම වෙතද තවත් 15 ක් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ Expressway Transport Company Pvt Ltd නමින් ආයතනයක් පිහිටුවා ඒ වෙතද ඉතිරි බස් රථ 2 කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය වෙතද ලබා දී ඇත...
Chogm සමුළුව වෙනුවෙන් ආනයනය කල බස් රථ නිසාම " චොගම් බස් " යන අනවර්ථ නමින් ද හැඳින්වේ..
කෙසේ වෙතත් ලංගමට ලැබුනු බස් රථ 68 කටුබැද්දේ පිහිටි අධි සුඛෝපභෝගී සංචාරක සේවාව යටතේ දිවයිනේ විවිධ ඩිපෝවන් හා අනුයුක්ත වී මේ වන විටත් සාර්ථකව *ධාවනයේ යෙදේ...
එසේම මෙම මාදිලිය ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයේ බස් රථයක් ලෙස සැලකේ..
*(නමුත් සියළුම බස් රථ එක විට ක්ෂේත්රයේ නොමැත)
ලියාපදිංචි අංකය NB 7369
ශ්රී ලංගම තොරතුරු සහාය, සම්පත් දායකත්වය - ප්රිමාල් මධුසංක මහතා

as @ 18/06/2023...✍️©MCSL

Important ~ 🚫
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට ⁣හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත. 

No comments:

Post a Comment