Wednesday, June 28, 2023

NC-2206

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝව සතු Ashok Leyland Viking 210 වර්ගයේ Alma බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක NC-2206 දරණ මෙම බස් රථය 2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ රඹුක්කන ඩිපෝවට ලැබී ඇත..
2015 වර්ෂයේදීම නිෂ්පාදිත බස් රථයක් වන අතර H Series Turbo Inter cooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ..
බස් රථය මගී ආසන 54 කින් සමන්විත වන අතර බල හැසිරුම් සුක්කානමකින් (power steering) සහ Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...


No comments:

Post a Comment