Saturday, July 29, 2023

NA-3103

 Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් TATA LP 1510/52 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත..
සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයයක් වන අතර හොරණ ඩිපෝව සතුව පැවති බස් රථයකි..
සේවා අවශ්යතා මත රත්නපුර ඩිපෝව මගින් රැගෙන ධාවනයට එක්කර ඇත...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -3103 වේ...

as @ 11/07/2023...✍️©️MCSL

Important ~ 🚫

2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට ⁣හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත.. 

No comments:

Post a Comment