Tuesday, July 18, 2023

NC-0509

 Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝව සතු Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්...
ලියාපදිංචි අංක NC-0509 දරණ මෙම බස් රථය 2014 වසරේදී නිෂ්පාදිත අතර එම වසරේදීම අවිස්සාවේල්ල ඩිපෝව වෙත ලැබී ඇත..
බස් රථය 6540 cc ධාරිතාවයකින් යුත් Turbo එන්ජිමකින් බලගැන්වෙන අතර ලංගම හා එක්වූ මුල්ම Ashok Leyland Turbo බස් රථ මාදිලියද වේ...
බල හැසිරවීමකින් යුත් සුක්කානමක් (Power Steering) සහිත අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
බස් රථය 2*2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුක්ත වෙයි...
රෝද පාදම් අතර පරතරය 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1785 mm වේ.. එසේම චැසියේ පසුපසට නෙරා ඇති කොටස (ROH) 2941 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථ මාදිලියකි...


No comments:

Post a Comment