Thursday, July 27, 2023

NC-3047

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගොඩකවෙල ඩිපෝවට අයත් Ashok Leyland Lynx 4200 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2014 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට  (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථයකි...
ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
විස්ථාපනය (Displacement) 3839 cc වන සිලින්ඩර 4 එන්ජිමකින් බස් රථය බලගැන්වේ...
එමෙන්ම බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුතුයි..
එය ඉදිරියට වේග 5 කි... (5F+1R)
2*2 සැලැස්මට (layout) නිමවූ සාමාන්ය මගී ආසන 33 කින් යුතු අතර බස් රථයේ රෝද පාදම් අතර පරතරය 4200 mm (420 cm) වේ... ඒ අනුව ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් බස් රථයකි...
පිටුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) ලෙස භාවිතා කල හැකි අතර එය ඇතුලතින් විවෘත කල හැකි පරිදි නිමවා ඇත...
එමෙන්ම පිටුපස බක්කිය (A Dicky) ද සහිතයි...
මෙම වර්ගයේ බස් රථ 80 ක් ශ්රී ලංගම ඇණවුම් අනුව 2014/15 කාලයේ නිපදවා ගෙන ඇති අතර ඒවා C කාණ්ඩයේ බස් රථ අත්යාවශ්ය ඩිපෝවන් වෙත ලබා දී ඇත...
ලියාපදිංචි අංක NC-3047
as @ 28/06/2023...✍️©️MCSL

Important ~ 🚫
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට ⁣හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..


 

No comments:

Post a Comment