Friday, September 22, 2023

NA-8956

     Pic by Sampath Samarasinghe

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 මාදිලියේ Alma බඳ සහිත බස් රථයක්...
2011 වසරේ නිෂ්පාදිත මෙම බස් රථය එම වසරේදීම උපයා ගෙවීමේ පදනම මත (Under the Leasing Scheme) කලවාන ඩිපෝව මගින්
ලබා ගන්නා ලද්දකි...
බස් රථය H Series Turbo intercooler (BS 3) කාණ්ඩයේ සිලින්ඩර 6 කින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර එහි පිස්ටන් වල සම්පූර්ණ විස්ථාපනය ( Displacement ) 6540 cc වේ...
ඉන්දියාවේ කර්ණාටක ප්රාන්තයේ Belgaum හි පිහිටි MG Automotives පුද්ගලික සමාගම (formerly known as MG Alma) විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...
MG සමාගමෙහි නිෂ්පාදිත 2010/11 කාලවකවානුවේදී මුල් වරට මෙරටට පැමිණි Alma බඳ සහිත බස් රථ සමූහයේ (ආසන54) එක් බස් රථයක් වන අතර ලංගම පිරිවිතර (Specifications ) අනුව විශේෂයෙන් නිපදවා ගන්නා ලද එකක් ද නොවේ...
වෙළඳපොල තුල අලෙවිය සඳහා නිපදවූ බස් රථයක් වන අතර එවකදී උපයා ගෙවීමේ පදනම මත දිවයිනේ වෙනත් ඩිපෝවන් වෙතද අනුයුක්ත වූ බස් රථ අතර මෙම Alma බඳ මාදිලියේ තවත් බස් රථ සැලකිය යුතු ප්රමාණයක් තිබිණි...
පුද්ගලික අංශය මගින්ද වැඩි ප්රමාණයක් මිලදී ගත් අතර බැලූ බැල්මට Ruby බඳ හා සමපාත මෙම මුල් Alma බඳ මාදිලිය ක්ෂේත්රයේ " මොල්ලි ඇල්මා " යනුවෙන්ද හැඳින්වේ...
බස් රථය Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද ( Power Assisted Steering ) සහිත වේ...
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය ( wheel base ) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස ( FOH ) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස ( ROH ) 3122 mm වේ..
ඒ අනුව ලංගම වර්ගීකරණයේ B+ කාණ්ඩයට අයත් බස් රථයක් ලෙස ගැනේ...
ලියාපදිංචි අංක NA-8956



No comments:

Post a Comment