Saturday, October 28, 2023

NE-1347

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ  හෝමාගම ඩිපෝවට අයත් Ashok Leyland Lynx 4200 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
ඉන්දීය ණය ආධාර මත ලංගමට බස් රථ 500 ක් ආනයනය කිරීමේ වැඩසටහන යටතේ   බදුල්ල ඩිපෝවට ලැබී ඇති බස් රථයකි.. ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv කාණ්ඩයේ සිලින්ඩර 4 එන්ජිමකින් බස් රථය බලගැන්වේ... (Sensor)
එහි සිලින්ඩර ධාරිතාවය 3839 cc වේ..
බස් රථය බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
එය ඉදිරියට වේග 5 කි...(5F+1R)
රෝද අතර පරතරය 4200 mm වන අතර C කාණ්ඩයේ බස් රථයකි..
2019 වසරේදී ලංගම වෙනුවෙන් නිපදවූ Lynx 4200 බස් රථ හා සැසඳීමේදී ඉදිරිපස හා පසුපස මුහුණත් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර එය ෆයිබර් ආවරණයකි.. එමෙන්ම ඉදිරිපස හා පසුපස වාමුවාවන් දෙකම තනි වීදුරු (Laminated Single piece) ලෙස පවතී... එසේම පසුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit ) ලෙසද භාවිතා කල හැකි අතර එය මිටිය ආධාරයෙන් බිඳ හෙලිය යුතු වේ.. (Breakble rear glass with Hammer)
තවද ආසන වල හේත්තු වන කොටස (abutting) 2019 වසරේ ලංගමට ආනයනය කල Lynx 4200 බස් රථ වලට වඩා මදක් උසින් (hight) වැඩි අතර ආබාධිත පුද්ගලයන්ගේ රෝද පුටුව සමග රඳවා තැබීමට වෙනම ඉඩක් (Extra Space for Disable People with Wheelchair) මෙම බස් රථ තුල සකසා තිබීමද විශේෂත්වයකි..
බස් රථයේ ආසන 32 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-1347 දරණ මෙම බස් රථය 2022 වසරේදී නිෂ්පාදනය කර ඇත

  


No comments:

Post a Comment