Thursday, December 7, 2023

NB-8587

Pic by Sampath Samarasinghe        

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මාවනැල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking - 210 මාදිලියේ Bharat බඳ සහිත බස් රථයක්...2014 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර එම වසරේදීම ක්රියාත්මක කල නව බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ මාවනැල්ල ඩිපෝවට ලැබී ඇති බස් රථයකි... 3*2 සැකැස්මට (Layout) නිමැවූ උස් මගී ආසන 54 කින් සමන්විත බස් රථය H Series 6ET13K Turbo intercooler (BS 3) කාණ්ඩයේ සිලින්ඩර 6 ක එන්ජිමකින් බලගැන්වේ...එහි පිස්ටන් වල සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc වේ...සුක්කානම බල හැසිරුම් (Power Assisted Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද සමන්විතයි... එය ඉදිරියට වේග 5 කි..(5F+1R) චැසියේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm කි.. ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් ලියාපදිංචි අංක NB 8587 එසේම චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm ක් වේ...ඉන්දියාවේ මහාරාෂ්ටයේ Raigad දිස්ත්රික්කයේ Taloja හි පිහිටි (මුම්බායි ආසන්නයේ) Bharat Coach Builders පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාවේදී මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...

No comments:

Post a Comment