Pic Coopy from Old Bus photo Collector's Society on fb
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් TATA LP 1510/36 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
1980 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3625 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 1620 mm ක් වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..
එසේම ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
ලියාපදිංචි අංක 29-1880 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
No comments:
Post a Comment