Sunday, July 21, 2024

NC-2180

 Pic by Sampath Samarasinghe

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ම.බ.කා. ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210  මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2015 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-2180


No comments:

Post a Comment