Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හැටන් ඩිපෝවට අයත් Tata - LP 909/36 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders සමාගම මගින් 1998 වසරේදී නිපදවා ඇත..
බස් රථ 850 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
D කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 32 කි...
NA 697di මාදීලියේ එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3600 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm වේ..
ලියාපදිංචි අංකය 63-0181 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
No comments:
Post a Comment