Pic Courtesy by Primal Madusanka
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් TATA LP 1210/36 මාදිලියේ බස් රථයක්...
1986 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders සමාගම මගින් නිපදවා ඇත.. මෙම බස්රථයේ බද අනතුරකින් පසු ඉවත් කර ලංගම මගින් එකලස් කල වෙනත් බස් රථයක බදක් යොදා ගෙන අලුත්වැඩියා කර ඇත.
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3625 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 1620 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර ලියාපදිංචි අංකය 60-3653
No comments:
Post a Comment