Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කරෙයිනගර් ඩිපෝව සතු Ashok Leyland 12M මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
(12M SLTB Edition)
ලියාපදිංචි අංකය ND-9725
2019 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුව නිපදවා ඇත..
Ruby Coach Builders සමාගම විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 50 කින් යුක්තයි...
හදිසි පිටවීමේ දොරටු (Emergency Exit) දෙකකින්ද සමන්විත අතර පිටුපස වාමුවාවද ඇතුලතින් විවෘත කල හැකි පරිදි හදිසි පිටවීමේ දොරටුවක් ලෙස සකසා ඇත..
A කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 6200 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 2490 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3290 mm
No comments:
Post a Comment