Pic by Primal Madusanka
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්...
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් මගින් බල ගැන්වේ
බස් රථයේ සුක්කානම බල හැසිරවීමකින් (Power Assisted Steering) යුතු වන අතර ඉදිරියට වේග 5 කින් යුත් Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි... (5F+1R)
2*2 සැලැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Bharat Coach Builders පුද්ගලික සමාගම මගින් නිපදවා ඇත...
සම්පූර්ණයෙන්ම ශ්‍රි ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි..
රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය NA-1250
No comments:
Post a Comment