Sunday, March 30, 2025

NA-2654

 Pic by  Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් TATA LP 1510/42 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -2654
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
මගී ආසන 36 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..බස් රථයේ රෝද අතර පරතරය 4225 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් වේ..  Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power Steering) සහිතයි..බස් රථයේ චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2535 mm කි.




No comments:

Post a Comment