Friday, May 16, 2025

NA-3645

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කලුතර ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත... බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...
ලියාපදිංචි අංක NA- 3645



 

No comments:

Post a Comment