Sunday, April 30, 2023

ND-9772

Pic by  Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ කරෙයිනගර් ඩිපෝව සතු Ashok Leyland 12M වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
( 12M SLTB Edition )
2019 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුව නිපදවාගෙන ඇත..
ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
මගී ආසන 50 කින් යුක්තයි...
ලියාපදිංචි අංකය ND 9772

NA-1137

Pic by Sampath Samarasinhe
ලංකා ගමනාගමන මණ්ඩලයේ සියඹලාණ්ඩුව උප ඩිපෝව සතු Ashok Leyland Viking 193 වර්ගයේ Azad බඳ සහිත බස් රථයක්..
2005 වසරේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය Hino power එන්ජිමකින් බලගැන්වේ ..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි..
රථයේ බඳ ඉන්දියාවේ Azad Coach Builders පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කර ඇත..
ලියාපදිංචි අංකය NA 1137 

NB-8124

 Pic by Sampath Samarasinhe

ලංකා ගමනාගමන මණ්ඩලයේ බිබිල ඩිපෝව සතු Ashok Leyland Viking 210 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක් 
2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ බිබිල ඩිපෝවට ලැබුනු බස් රථයකි..
එසේම මෙම බස් රථය 2200 ව්යාපෘතියේ ලියාපදිංචි කල පළමු බස් රථයද වනවා..
ලියාපදිංචි අංකය NB 8124
H Series Turbo inter cooler එන්ජිමකින් බලගැන්වෙන අතර රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders (Ruby Rushi) පුද්ගලික සමාගමෙහි නිෂ්පාදිතයි..
මගී ආසන සංඛ්යාව 54 කි..

NB-2552

Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ Alma බඳ සහිත බස් රථයකි..
Turbo වර්ගයේ එන්ජිමකින් බලගැන්වෙන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයේ බස් රථයකි.. රෝද අතර පරතරය ( wheel base ) 5334 mm වේ..
මගී ආසන 54 කින් යුක්තයි..
ඉන්දියාවේ MG Automotives ( Bus and Coach ) පුද්ගලික සමාගමෙහි ( MG Alma ) මෙම බස් රථයේ බඳ නිපදවා ඇත..
ලියාපදිංචි අංකය NB 2552 

NB-9753

 Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇල්පිටිය ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයකි..
2014 වර්ෂයේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ ඇල්පිටිය ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය H Series Turbo වර්ගයේ එන්ජිමකින් බල ගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් යුක්තයි..
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 54 කින් යුතුයි.
රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගමෙහි නිපදවා ඇත.
ලියාපදිංචි අංකය NB 9753

NA-4074

Pic by  Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 222" වර්ගයේ Ruby බඳ සහිත බස් රථයකි..
ලංගම ඇණවුම් මත ලංගමට ආවේණික ලෙස විශේෂයෙන් නිමැවූ බස් රථ කාණ්ඩයකි..
2006 වසරේ ලංගමට ලැබී ඇති රථයේ මගී ආසන 52 ක් ඇතුලත්ය..
Hino power එන්ජිමකින් බලගැන්වෙන අතර
බඳ නිෂ්පාදනය ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගමෙනි..
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි ලියාපදිංචි අංකය NA 4074 වේ.

NB-4146

 Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ බස් රථයක්..
ලියාපදිංචි අංකය NB 4146
බස් රථ 120 ව්යාපෘතිය යටතේ 2012 වර්ෂයේදී ලංගම හා එක්වූ බස් රථ මාදිලියකි..
ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගමෙහි බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි මගී ආසන ගණන 54 කි...
Turbo වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ.

NA-3525

Pic by Sampath Samarasinghe 
ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් TATA LP 1510/42 වර්ගයේ බස් රථයකි..
ලියාපදිංචි අංකය NA 3525
697D කාණ්ඩයේ ( සිලින්ඩර 6 ) එන්ජිමකින් බලගැන්වෙන අතර ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගම ( Ruby Rushi ) විසින් බඳ නිපදවා ඇත..
Power Steering ද සහිතයි..
ලංගම වර්ගීකරණයට අනුව C කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර රෝද අතර පරතරය ( wheel base ) 4225 mm වේ..
මගී ආසන 36 කින් යුතු මෙම බස් රථය මුලින් හැටන් ඩිපෝව සතුව තිබී ධාවන අවශ්යතා මත රත්නපුර ඩිපෝව විසින් රැගෙන විත් අළුත්වැඩියාවකින් පසු ධාවනයට එක් කර ඇත..
ඉදිරිපස වාමුවා දෙක පසුව කරන ලද අළුත්වැඩියා හේතුවෙන් මුල් පෙනුමෙන් වෙනස්කර ඇති බව නිරීක්ෂණය වේ.

NC-1296

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ පානදුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ Bharat බඳ සහිත බස් රථයකි..
2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ව්යාපෘතිය යටතේ ලංගමට ආනයනය කල බස් රථයක් වන අතර H Series Turbo වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..
මගී ආසන 54 කින් යුතු වන අතර රථයේ බඳ Bharat Coach Builders පුද්ගලික සමාගම විසින් නිපදවා ඇත.

63-0162

 

Pic by Sampath Samarasinhe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු TATA LP 909/36 වර්ගයේ බස් රථයක්...
ලියාපදිංචි අංකය - 63-0162
වර්ෂ 1999 දී ග්රාමීය සේවා සඳහා විශේෂයෙන් ආනයනය කරන ලද බස් රථ විශේෂයකි..එවක ප්රවාහන අමාත්යවරයා වූ A.H.M ෆවුසි මහතාගේ සමයේ ව්යාපෘතියක් ලෙස මෙම වර්ගයේ බස් රථ ලංගම වෙනුවෙන් මෙරටට ගෙන්වන ලද අතර "ෆවුසි බඩී " යන අනවර්ථ නාමයෙන් හඳුන්වන්නේද මෙම වර්ගයේ TATA 909 බස් රථයි..
එවක ලංගම වර්ණය වූ තනි කහ වර්ණයෙන් මෙම බස් රථ සියල්ල වර්ණ ගන්වා තිබුනි..
697 DI කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වුනු අතර Power Steering ද සහිත විය..
කඳුකර පලාත්හි ඩිපෝ සඳහා මෙම වර්ගයේ බස් රථ වැඩි වශයෙන් ලැබුනු අතර දුෂ්කර ග්රාමීය පලාත් වල මගී ජනතාව වෙනුවෙන් විශාල ⁣සේවයක් මෙම රථ වලින් සිදුවිය..
ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත් බස් රථ විශේෂයක් වන අතර මෙම වර්ගයේ සියළු බස් රථ වල බඳ ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් නිපදවා ඇත..
මගී ආසන 32 කින් යුක්ත වූ අතර මෙම වර්ගයේ බස් රථ බොහොමයක් මේ වන විට අදාල ඩිපෝවන් මගින් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත

Friday, April 28, 2023

NC-1515

 

Pic by Sampath Samarasinhe

ලංකා ගමනාගමන මණ්ඩලයේ තංගල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
බස් රථ 2200 ව්යාපෘතිය යටතේ ලංගමට ආනයනය කල බස් රථයකි..
මගී ආසන 54 කින් යුක්ත වන අතර 6540cc H Series Turbo වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
ලියාපදිංචි අංකය - NC 1515

NB-8642

 

Pic by Sampath Samarasinhe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ බස් රථයක්..
2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ආනයන ව්යාපෘතිය යටතේ රඹුක්කන ඩිපෝවට ලැබී ඇති බස් රථයේ ලියාපදිංචි අංකය NB 8642 වේ..
Bharat Coach Builders පුද්ගලික සමාගම මගින් Viking 210 වර්ගයේ චැසිය මත බඳ නිපදවා ඇත..මගී ආසන 54 කි.
H Series 6540 cc Turbo එන්ජිමකින් බලගැන්වේ.

NA-4040

 

Pic by Sampath Samarasinhe

ලංකා ගමනාගමන මණ්ඩලයේ කතරගම ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 වර්ගයේ Ruby බඳක් සහිත බස් රථයකි.
2006 වසරේ ලංගම හා එක්වී ඇති බස් රථය මගී ආසන 52 කින් යුක්තය..ලංගම ඇණවුම් අනුව ලංගම පිරිවිතරයන්ට අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
රථයේ ලියාපදිංචි අංකය NA 4040 වේ..

Hino power එන්ජිමකින් බලගැන්වේ..

GE-3866

 

Pic by Sampath Samarasinhe

GE 3866
ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝව සතු Ashok Leyland Comet minor වර්ගයේ බස් රථයක්..
ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි බඳ ඉන්දියාවේ Ruby Coach Builders සමාගමෙහි නිපදවා ඇත.

NC-0078

 

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්.. ( Alma body )
මගී ආසන 42 කින් යුත් බස් රථයේ ලියාපදිංචි අංකය NC 0078 වේ..
ඉන්දියාවේ MG Alma motors හි බඳ නිපදවා ඇත..
2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ආනයන ව්යාපෘතිය යටතේ කලවාන ඩිපෝවට ලැබී ඇත..
Turbo එන්ජිමකින් බලගැන්වේ.

NB-8856

 

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ මීගමුව ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ මගී ආසන 54 කින් යුත් බස් රථයක්..
බස් රථ 2200 ව්යාපෘතිය යටතේ මීගමුව ඩිපෝවට ලැබී ඇති බස් රථයේ ලියාපදිංචි අංකය NB -8856 වේ..
Ruby Coach Builders ( Ruby Rushi ) සමාගමෙහි බඳ නිපදවා ඇත.

62-6855

 

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් 62-6855 ලියාපදිංචි අංක දරණ TATA LPO 1313/55 වර්ගයේ බස් රථයක්..
Wesco සමාගම මගින් බ්රිතාන්ය Duple metsec තාක්ෂණය යටතේ මෙරට වේරහැර කර්මාන්ත ශාලාවේදී බඳ නිෂ්පාදනය කරන ලද බස් වර්ගයකි..
වේරහැර කර්මාන්ත ශාලාව මේ වන විට සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර වර්ෂ 1996/97 යුගයේදී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් මෙම වර්ගයේ මෙන්ම ISUZU වර්ගයේ බස් රථ සඳහාද බඳ නිෂ්පාදනය සිදු කරන ලදී..
මේ වන විට මෙම වර්ගයේ බස් රථ ලංගම ඩිපෝ සතුව ඇත්තේ ඉතා සීමිත ප්රමාණයකි.
පසුව කරන ලද අළුත්වැඩියාවන් හේතුවෙන් මෙම බස් රථයේ මුල් පෙනුම වෙනස් වී තිබුනත් මෙම තත්ත්වයෙන් හෝ බස් රථය ආරක්ෂා කරගෙන ධාවනය කරවීම සම්බන්ධයෙන් දැරණියගල ඩිපෝවට ස්තුතිය පුදකල යුතුය.

NB-9430

 

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අයත් මගී ආසන 54 කින් යුත් Ashok Leyland viking 210 වර්ගයේ බස් රථයකි..
බස් රථ 2200 ව්යාපෘතිය යටතේ ලංගමට ආනයනය කර උඩහමුල්ල ඩිපෝව වෙත ලබාදී ඇති රථයේ ලියාපදිංචි අංකය NB 9430 වේ..
Ruby Coach Builders සමාගමෙහි බඳ නිෂ්පාදිතයි..
මාර්ග 99 ඔස්සේ බදුල්ල - කොළඹ ස්ථ්ර ධාවනයට යොදවා ඇත.

Thursday, April 27, 2023

NB-9138

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ ගාල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ බස් රථයක්..
ලියාපදිංචි අංක NB 9138 දරණ රථය 2014 වර්ෂයේ බස් රථ 2200 ක් ගෙන්වීමේ වැඩසටහන යටතේ මෙරටට ගෙන්වා ගාල්ල ඩිපෝවට ලැබී ඇත.
මාර්ග අංක 31 ගාල්ල - බදුල්ල මාර්ගයේ ධාවනය වන මෙම බස් රථය Ruby බඳකින් යුත් බස් රථයකි. මගී ආසන 54 කි 

NB-8611

 

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය ඩිපෝවට අයත් Bharat බඳ සහිත Ashok Leyland Viking 210 වර්ගයේ බස් රථයක්.
බස් රථ 2200 වැඩසටහන යටතේ 2014 වර්ෂයේදී ඩිපෝවට ලැබී ඇති රථය H - Series Turbocharged සිලින්ඩර 6 එන්ජිමකින් බල ගැන්වේ..
බඳ නිෂ්පාදනය මුම්බායිහි M/S Bharat Coach Builders සමාගමෙනි.
ලියාපදිංචි අංකය - NB 8611.

NA-0792

 

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland viking 193 වර්ගයේ බස් රථයක්.
ලියාපදිංචි අංක NA 0792 දරණ මෙම බස් රථය 2005 වසරේදී ලංගම හා එක්වී ඇත.
Hino power ඇන්ජිමකින් බල ගැන්වෙන රථයේ බඳ ඉන්දියාවේ රාජස්ථාන් ප්රාන්තයේ Azad Coach Builders සමාගම මගින් නිපදවා ඇත. මගී ආසන 42 කි.

NB-8882

 

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්පාර ඩිපෝවට අයත් Ashok Leyland viking 210 වර්ගයේ බස් රථයක්.
මගී ආසන 54 කින් යුත් බස් රථයේ බඳ Ruby Coach Builders ( Ruby Rushi ) සමාගම මගින් නිපදවා ඇත.. H-series Turbo 6 Cylinder ඇන්ජිමකින් බල ගැන්වේ.
2014 වර්ෂයේ ක්රියාත්මක වූ බස් රථ 2200 වැඩසටහන යටතේ අම්පාර ඩිපෝවට ලැබී ඇති බස් රථයේ ලියාපදිංචි අංකය NB 8882 වේ

NA-4113

 

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ඩිපෝව සතු Ashok Leyland Viking 222 වර්ගයේ බස් රථයකි..

සිසුසැරිය පාසැල් බස් රථයක් ලෙසද ක්‍රියාත්මක මෙම රථය ලංගමට ආනයනය කර ඇත්තේ 2006 වසරේදීය..මගී ආසන 52 කින් සමන්විතයි..
Hino Power එන්ජිමකින් බලගැන්වෙන රථයේ බඳ ලංගම ඇණවුම් මත ඉන්දියාවේ Ruby Coach Builders සමාගමෙහි නිෂ්පාදිතයි..

ලියාපදිංචි අංකය NA 4113 වේ.

NA-4338

 

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් TATA LP1510 වර්ගයේ මගී ආසන 42 කින් යුත් බස් රථයක්..
2006 වසරේ ලංගම හා එක් වී ඇති මෙම රථයේ බඳ ඉන්දියාවේ මුම්බයිහි Anthony Garages ( pvt ) Ltd මගින් නිෂ්පාදිතයි.
( Anthony Body )

Wednesday, April 26, 2023

NB-8657

 


 Pic by Sampath Samarasinghe       
ලංකා ගමනාගමන මණ්ඩලයේ බලංගොඩ ඩිපෝවට අයත් Ashok Leyland viking 193 වර්ගයේ බස් රථයක්..
ලියාපදිංචි අංක NB 8657 දරණ මෙම රථයේ මගී ආසන 42 කි.. 2014 වසරේ ලංගම වෙනුවෙන් ආනයනය කල බස් රථ 2200 ව්යාපෘතිය යටතේ බලංගොඩ ඩිපෝවට ලැබී ඇති ⁣මෙම රථයෙහි බඳ Ruby Coach Builders ( Ruby Rushi ) සමාගම මගින් නිපදවා ඇත.

ND-9653

Pic by Sampath Samarasinghe 
           ලංකා ගමනාගමන මණ්ඩලයේ මහරගම ඩිපෝවට අයත් Ashok Leyland 12M වර්ගයේ බස් රථයකි..මෙම රථය Common Rail තාක්ෂණයෙන් යුත් H Series 6 Cylinder Turbo Intercooler BS iv නවතම එන්ජිමකින් බල ගැන්වේ..මගී ආසන 50 කින් යුත් මෙම වර්ගයේ බස් රථ ලංගම රථ ඇණිය වෙනුවෙන්ම ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ මුම්බායිහිRuby Coach Builders ( Ruby Rushi ) සමාගම හා Bharat Coach Builders යන සමාගම් මගින් බඳ නිපදවා ඇත. හදිසි පිටවීමේ දොරටු දෙකකින් ද සමන්විතයි..ඡායාරූපයේ දැක්වෙන ලියාපදිංචි අංක ND 9653 දරණ බස් රථය Ruby බඳකින් යුත් බස් රථයකි.

Tuesday, April 25, 2023

NB-2540

 

Pic by Sampath Samarasinghe 
    ලියාපදිංචි අංක NB 2540 දරණ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැල්ලවාය ඩිපෝවට අයත් Alma බඳ සහිත බස් රථයකි..
Ashok Leyland viking ( 210"wb ) වර්ගයේ මගී ආසන 54 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ MG Alma motors හි නිපදවා ඇත.

GE-3884

 

Pic by Sampath Samarasinghe  
                                            GE 3884 ලියාපදිංචි අංක දරණ Ashok Leyland Comet minor වර්ගයේ බස් රථයකි.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන මෙම බස් රථයෙහි බඳ ඉන්දියාවේ මුම්බායිහි Bharat Coach Builders සමාගමෙහි නිපදවා ඇත.