Tuesday, May 2, 2023

GE-0524

Pic by Sampath Samarasinghe 
ලංකා ගමනාගමන මණ්ඩලයේ බලංගොඩ ඩිපෝවට අයත් Ashok Leyland Comet minor වර්ගයේ TVS බඳ සහිත බස් රථයක්..
2000 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර 2001 වසරේදී මුලින්ම අංගොඩ ඩිපෝව වෙත ලැබී ඇත..පසුව ධාවන අවශ්යතා මත බලංගොඩ ඩිපෝවට අනුයුක්ත වී ඇති මෙම බස් රථය සුන්දර ගමනාන්තයක් වන පඹහින්න හරහා නන්පේරියල් දක්වා ධාවනයට යොදවා ඇත.
තමිල්නාඩු ප්රාන්තයේ Viralimalai හි TV Sundaram industries සමාගමෙහි බඳ නිෂ්පාදනය කරන ලද මෙම බසයෙහි මගී ආසන සංඛ්යාව 31 කි.. ආන්ත්රික සුක්කානම හා Timing (Constant mesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL XBE ( Euro 1 ) කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
රෝද අතර පරතරය 3607 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් තනි දොර බස් රථයකි..
රථයේ ලියාපදිංචි අංකය GE 0524

No comments:

Post a Comment