Tuesday, May 2, 2023

GE-1403

Pic by  Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් TATA LP 1510/36 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specification) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වෙනුවෙන්ම නිපදවූ තනි දොර බස් රථ මාදිලියක් වුවත් Dimo සමාගම විසින් මෙම බස් රථ ඉතාම සුළු ප්මාණයක් එවකදී පුද්ගලික අංශය වෙතද අලෙවි කරන ලදී...
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම ( Manual Steering ) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම මාදිලියේ බස් රථ කඳුකර ග්රාමීය සේවා සපයන ඩිපෝවන් මගින් තවමත් අඛණ්ඩ ධාවනය⁣ට එක් කර තිබේ..
ලියාපදිංචි අංකය GE 1403

No comments:

Post a Comment