Tuesday, May 2, 2023

62-5208

Pic by  Sampath Samarasinghe 

ලංකා ගමනාගමන මණ්ඩලයේ බලංගොඩ ඩිපෝවට අයත් Wesco TATA LP 1210/52 වර්ගයේ Duple බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 62-5208
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1210/52 වර්ගයේ චැසියක් මත ලටෙක් සමාගම විසින් බ්රිතාන්ය Duple metsec තාක්ෂණය යොදාගෙන වේරහැර මධ්යම වැඩපොලේදී (Werahera Central Work Shop)
1997 වර්ෂයේ බඳ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
මෙම වර්ගයේ බස් රථ විශාල ප්රමාණයකට එවක මෙම කර්මාන්ත ශාලාවේදී බඳ නිෂ්පාදනය කරනු ලැබීය...
ශ්රී ලංගමට අයත්ව තිබූ වේරහැර මධ්යම වැඩපොල මෙම බස් රථ නිපදවූ කාලවකවානුව වන විට පුද්ගලීකරණය කර තිබුණි..කෙසේ වෙතත් මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති වේරහැර මධ්යම වැඩපොලේදී නිපදවූ බස් රථ විශාල ප්රමාණයක් එවකදී ලංගමට ලබා දුන් අතර පුද්ගලික අංශය විසින්ද මිලදී ගෙන මෙරට ජාතික ප්රවාහන පද්ධතියට එකතු කරන ලදී..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි..
එසේම රෝද අතර පරතරය 5195 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයේ බස් රථයක් වේ...

No comments:

Post a Comment