Friday, May 5, 2023

GE-9814

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් TATA LP 1510/36 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන ⁣බස් රථය මුලින්ම වැලිසර ඩිපෝවට අයත්ව තිබූවකි..
පසුව ධාවන අවශ්යතා මත දැරණියගල ඩිපෝව විසින් රැගෙන විත් ග්රාමීය සේවා සඳහා යොදවා ඇත...
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..වඩාත් ඉඩකඩ සහිත පුළුල් මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
බස් රථයේ ලියාපදිංචි අංකය GE -9814 

No comments:

Post a Comment