Friday, May 5, 2023

NA-0999

Pic by  Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝව සතු TATA LP 1510/52 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය NA 0999
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව නිමවා ගත් බස් රථ වර්ගයකි...
ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් බස් රථයේ බඳ නිමවා ඇත..
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන බස් රථයේ සුක්කානම බල හැසිරවීමකින් (power steering) යුක්තයි..
එමෙන්ම Syncromesh ගියර පද්ධතියකින්ද සමන්විතයි...
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ B කාණ්ඩයට අයත් බස් රථයකි..
ඡායාරූපය ලබා ගත් 2022 වසර වන විට බස් රථයේ ආයු කාලය වසර 17 ක් සම්පූර්ණ වී ඇති අතර අනතුරු අළුත්වැඩියාවක් හේතුවෙන් ඉදිරිපස වාමුවාවන් දෙකම මුල් පෙනුමෙන් වෙනස් වී ඇත..
මෙම බස් රථය අවිස්සාවේල්ල - රත්නපුර
" සිසුසැරිය" පාසැල් බස් රථයක් ලෙසින්ද සේවය සපයන බැවින් පාසැල් සේවා රථ සඳහා සම්මත ජාත්යන්තර වර්ණය වන කහ වර්ණයෙන් නැවත පින්තාරු කර ඇත.

No comments:

Post a Comment