Saturday, May 6, 2023

NA-4882

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝව සතු TATA LP 1510/42 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
බස් රථයේ ලියාපදිංචි අංකය NA 4882
2007 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power Steering) සහිතයි..
මගී ආසන 36 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් නිපදවා ඇත..
සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය 4225 mm වේ.. එසේම චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm වන අතර චැසියේ පසුපසට නෙරා ඇති කොටස (ROH) 2535 mm වේ..
ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් බස් රථයකි...

No comments:

Post a Comment