Saturday, May 6, 2023

NA-7001

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝව සතු Ashok Leyland Viking 193 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
ලියාපදිංචි අංක NA 7001 දරණ මෙම බස් රථය 2008 වසරේදී නිෂ්පාදිත අතර එම වසරේදීම හෝමාගම ඩිපෝව වෙත ලැබී ඇත..
බස් රථය 6540 cc ධාරිතාවයකින් යුත් Turbo එන්ජිමකින් බලගැන්වෙන අතර ලංගම හා එක්වූ මුල්ම Ashok Leyland Turbo බස් රථ මාදිලියද වේ...
බල හැසිරවීමකින් යුත් සුක්කානමක් (Power Steering) සහිත අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ මාදිලියක් වන අතර ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් බඳ නිපදවා ඇත...
පැරණි ලංගම බස් රථ වල තිබූ පරිදි ඉදිරිපස හා පසුපස ගමනාන්ත පුවරු වල මාර්ග අංකය යෙදීම සඳහාද වෙනම කොටසක් සහිතව මෙම බස් රථ මාදිලිය නිමවා තිබීමද සුවිශේෂී වේ... (එකම බෝඩ් පෙට්ටිය තුල)
එසේම පැති හදිසි දොරටුව මෙම බස් රථ මාදිලියේ නොමැති අතර පිටුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) ලෙසද භාවිතා කල හැකි පරිදි නිමවා තිබීම විශේෂත්වයකි..
පිටුපස ඩිකිය රහිතයි..
බස් රථය 2*2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුක්ත වෙයි...
රෝද පාදම් අතර පරතරය 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1785 mm වේ.. එසේම චැසියේ පසුපසට නෙරා ඇති කොටස (ROH) 2941 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථ මාදිලියකි...
රජයේ ප්රතිපාදන මත 2008 වසරේදී මෙම මාදිලියේ බස් රථ 131 ක් දිවයිනේ ඩිපෝ කිහිපයක් වෙත ලැබුනු අතර ඇතැම් ඩිපෝ සඳහා එක් බස් රථයක් හෝ නොලැබුනි..

No comments:

Post a Comment