Friday, May 5, 2023

NA-7182

Pic by  Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු TATA LP 1510/42 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
බස් රථයේ ලියාපදිංචි අංකය NA 7182
2008 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ TATA Cummins Turbo වර්ගයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
ලංගමට ආනයනය කරන ලද Turbo එන්ජිමක් සහිත මුල්ම TATA බස් රථ වර්ගයද මෙයයි.. මෙම වර්ගයේ බස් රථ 67 ක් දිවයින පුරා තෝරාගත් ඩිපෝවන් වෙත ලබා දී ඇති අතර එම සියළු බස් රථ NA 71** කාණ්ඩයෙන් ලියාපදිංචි වී ඇත..
Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power Steering) සහිතයි..
මගී ආසන 36 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් නිපදවා ඇත..
සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
රථයේ පිටුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව ලෙසද භාවිතා කල හැකි පරිදි නිර්මාණය කර ඇත..
බස් රථයේ රෝද අතර පරතරය 4225 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් බස් රථයකි..

No comments:

Post a Comment