Saturday, May 6, 2023

NB-4250

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය NB 4250
බස් රථ 120 ක් ආනයන ව්යාපෘතිය යටතේ 2012 වර්ෂයේදී ලංගම හා එක්වූ බස් රථ මාදිලියකි..
සම්පූර්ණ⁣යෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
ඉදිරිපස දොරටුව ස්වයංක්රීය (Auto Door) දොරටුවක් ලෙසත් පිටුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) ලෙසත් සකසා තිබීම මෙම මාදිලියේ විශේෂත්වයකි..
පැති හදිසි දොරටුව මෙම මාදිලියේ දක්නට නොමැත..
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
බස් රථය H Series Turbo Intercooler වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ.

No comments:

Post a Comment