Tuesday, May 2, 2023

NB-4253

Pic by Sampath Samarasinghe 
ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය NB 4253
බස් රථ 120 ව්යාපෘතිය යටතේ 2012 වර්ෂයේදී ලංගම හා එක්වූ බස් රථ මාදිලියකි..
සම්පූර්ණ⁣යෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගමෙහි බඳ නිෂ්පාදනය කර ඇත..
ඉදිරිපස දොරටුව ස්වයංක්රීය ( Auto Door ) දොරටුවක් ලෙසත් පිටුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) ලෙසත් සකසා තිබීම මෙම මාදිලියේ විශේෂත්වයකි..
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි මගී ආසන ගණන 54 කි...
H Series Turbo Inter cooler වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ.

No comments:

Post a Comment