Friday, May 5, 2023

NB-9564

Pic by  Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ඩිපෝව සතු Ashok Leyland Viking 193 වර්ගයේ Alma බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක NB 9564 දරණ මෙම බස් රථය 2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ කලවාන ඩිපෝවට ලැබී ඇත..
2014 වර්ෂයේදීම නිෂ්පාදිත බස් රථයක් වන අතර H Series Turbo Intercooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ..
බස් රථය මගී ආසන 42 කින් සමන්විත වන අතර බල හැසිරුම් සුක්කානමකින් (power steering) සහ Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි...
බස් රථයේ බඳ ඉන්දියාවේ MG Automotives (Bus and Coach) පුද්ගලික සමාගම (formerly known as MG Alma) මගින් නිපදවා ඇති අතර ලංගම 2200 ව්යාපෘතියට අයත් ආසන 42 බස් රථ වලින් වැඩිම ප්රමාණයක් Alma බඳ සහිත බස් රථ වේ...

No comments:

Post a Comment