Wednesday, May 3, 2023

ND-9380

Pic by  Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ බලංගොඩ ඩිපෝව සතු Ashok Leyland Lynx 4200 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය ND 9380
2019 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුව නිපදවාගෙන ඇත..
ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
පිටුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව ලෙස ඇතුලතින් විවෘත කල හැකි පරිදි නිමවා ඇත...
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv වර්ගයේ සිලින්ඩර 4 එන්ජිමකින් බලගැන්වේ..
සිලින්ඩර ධාරිතාවය 3839 cc වේ..
Power Steering ද සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුතුයි..
2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 33 කින් යුක්තයි...
රෝද අතර පරතරය 4200 mm (420 cm) වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් බස් රථ විශේෂයකි..

No comments:

Post a Comment