Monday, June 5, 2023

63-3821

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ඩිපෝවට අයත් TATA LP 1510/52 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
Body fabricated by Ruby Coach Builders [ pvt ] Ltd, Naka-Mumbai in India...
බස් රථය 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන ⁣අතර එහි පිස්ටන් වල සම්පූර්ණ විස්ථාපනය (Displacement) 5675 cc වේ...
එමෙන්ම ඉන්ධන පද්ධතිය ස්වභාවික ඍජු විදුම් (Direct Injection - Naturally Aspirated) තාක්ෂණයෙන් යුක්තයි...
චැසියේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm කි.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි ආන්ත්රික සුක්කානමක් (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
පැති හදිසි පිටවීමේ දොරටුවක්ද (Emergency Exit) බස් රථය සතු වේ..
වඩාත් ඉඩකඩ සහිත පළලින් වැඩි මගී ආසන 42 කින් (2*2 Layout) යුත් මෙම වර්ගයේ බස් රථ එදා මෙදා තුර ලංගම සතු වූ හොඳම බස් මාදිලියක් ලෙස සැලකේ...
වර්තමානය වන විට දිවයිනේ බොහෝ ඩිපෝවන් වලින් මෙම මාදිලියේ බස් රථ ධාවනයෙන් ඉවත් කර ඇතත් ඇතැම් ඩිපෝවන් සතු නඩත්තුවෙන් ඉහළ ධාවන⁣ තත්වයේ ඇති බස් රථ අදටත් ඉඳහිට මහාමාර්ග වල දැකිය හැකියි..
මෙම බස් රථයේ ලියාපදිංචි අංකය 63-3821 වේ

as @ 02/06/2023...✍️©️MCSL

Important ~ 🚫
2003 අංක 36 දරණ [ සංශෝධිත ] බුද්ධිමය දේපල පනත ( Intellectual Property Act No; 36 of 2003 ) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට ⁣හෝ විකරණයකට ( infix ) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත...

No comments:

Post a Comment