Monday, June 5, 2023

NE-1379

Pic by  Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් Ashok Leyland Lynx 4200 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
2022/23 වසර වල ක්රියාත්මක කල ඉන්දීය ණය ආධාර මත ග්රාමීය සේවා සඳහා බස් රථ 500 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ දැරණියගල ඩිපෝවට ලැබී ඇති බස් රථයකි..
ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv වර්ගයේ සිලින්ඩර 4 එන්ජිමකින් බස් රථය බලගැන්වේ..
එහි සිලින්ඩර ධාරිතාවය 3839 cc වේ..
බල හැසිරුම් සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
රෝද අතර පරතරය 4200 mm (420 cm) වේ..
ඒ අනුව ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයේ බස් රථයකි..
2019 වසරේදී ලංගම වෙනුවෙන් නිපදවූ Lynx 4200 බස් රථ හා සැසඳීමේදී ඉදිරිපස හා පසුපස මුහුණත් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර එය ෆයිබර් මිශ්රිත ආවරණයකි.. එමෙන්ම ඉදිරිපස හා පසුපස වාමුවාවන් දෙකම තනි වීදුරු (Laminated Single piece) ලෙස පවතී... එසේම පසුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) ලෙසද භාවිතා කල හැකි අතර එය මිටිය ආධාරයෙන් බිඳ හෙලිය යුතු වේ.. (Breakble rear glass with Hammer)
තවද ආසන වල හේත්තු වන කොටස (abutting) 2019 වසරේ ලංගමට ආනයනය කල Lynx 4200 බස් රථ වලට වඩා මදක් උසින් ( hight ) වැඩි අතර ආබාධිත පුද්ගලයන්ගේ රෝද පුටුව සමග රඳවා තැබීමට වෙනම ඉඩක් (Extra Space for Disable People with Wheelchair) මෙම බස් රථ තුල සකසා තිබීමද විශේෂත්වයකි..
බස් රථයේ මගී ආසන සංඛ්යාව 32 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-1379 දරණ මෙම බස් රථය 2022 වසරේදී නිෂ්පාදිත අතර 2022 වසරේදීම ලියාපදිංචි කරන ලද්දකි...

as @ 05/06/2023...✍️©MCSL
Important ~ 🚫
2003 අංක 36 දරණ [ සංශෝධිත ] බුද්ධිමය දේපල පනත ( Intellectual Property Act No; 36 of 2003 ) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට ⁣හෝ විකිරණයකට ( infix ) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..

No comments:

Post a Comment