Friday, August 4, 2023

NC-1604

Pic by Sampath Samarasinghe

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරාගල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදිලියේ Azad බඳ සහිත බස් රථයක්...
ලියාපදිංචි අංක NC 1604 දරණ මෙම බස් රථය 2014 වසරේ බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ වැඩසටහන යටතේ මොරාගල ඩිපෝවට ලැබී ඇත...
2014 වර්ෂයේදීම නිෂ්පාදිත බස් රථයක් වන අතර H Series 6ETI3K Turbo Intercooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ...
බස් රථය සාමාන්ය මගී ආසන 42 කින් සමන්විත වන අතර එය 2*2 පිරිසැලසුමට ( Layout ) සකසා ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) සමන්විත බස් රථය, Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...
රථයේ රෝද පාදම් අතර පරතරය ( wheel base ) 4902 mm වේ... එමෙන්ම චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ...
B මාදිලියට අයත් බස් රථයකි...
ඉන්දියාවේ රාජස්ථානයේ Jaipur හි පිහිටි Azad Coach pvt Ltd මගින් මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇති අතර 2200 වැඩසටහන යටතේ ලංගමට ලැබී ඇති එකම Azad බඳ සහිත බස් රථයද මෙයයි...
2200 වැඩසටහනේදී නියම වූ පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඇතුලත නිමාවන් සකසා ඇතත් පැති හදිසි දොරටුවට (Emergency Exit) අමතරව පිටුපස වාමුවාවද බිඳ දමා හදිසි පිටවීමක් සඳහා යොදාගත හැකි පරිදි ඇතුලත ආරක්ෂක තිරස් ⁣දඬු (protection bar) රහිතව මෙම වැඩසටහන බස් නිමවූවද මෙම බස් රථයේ ඇතුලත තිරස් ආරක්ෂක දඬු දෙකම දක්නට ලැබීමත් විශේෂත්වයකි..
as @ 06/08/2023...
✍️©️MCSL
Important ~ 🚫
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..


No comments:

Post a Comment