Sunday, November 12, 2023

60-6771

Pic Courtesy by W. Wijedasa

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් ISUZU ELR 500 මාදිලියේ Kitamura බඳ සහිත බස් රථයක්...
ජපානයේ ISUZU Motors හි නිපදවන ලද MT 111L කාණ්ඩයේ ඉදිරිපස එන්ජිම සහිත චැසියක් මත රථයේ බඳ නිමවා ඇත්තේ ජපානයේ Niigata හි පිහිටි Kitamura Manufacturing Co; Ltd (Kitamura MFG) මගිනි..
ලියාපදිංචි අංක 60-6771 දරණ මෙම බස් රථය 1988 වර්ෂයේදී නිපදවා ඇති අතර බදුල්ල ඩිපෝව වෙත අනුයුක්ත වී ඇත්තේ 1989 වර්ෂයේදීය..
ISUZU 6BD1 කාණ්ඩයේ සිලින්ඩර 6 කින් යුත් Turbo එන්ජිමකින් රථය බලගැන්වෙන අතර එහි පිස්ටන් වල සම්පූර්ණ විස්ථාපනය (Displacement) 5785 cc වේ...
එමෙන්ම ඉන්ධන පද්ධතිය ඍජු විදුම් (Direct Injection) තාක්ෂණයෙන් යුක්තයි...
බස් රථය බල හැසිරුම් (Power Steering) සුක්කානමකින් යුතු අතර ආන්ත්රික ගියර (Manual gear box) පෙට්ටියකින් සමන්විතයි...
එසේම Syncromesh ගියර පද්ධතිය ඉදිරියට වේග පහකින් සමන්විත වේ.. (5F+R)
චැසියේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5000 mm ලෙස නිෂ්පාදකයා විසින් දක්වා ඇති අතර ශ්රී ලංගම වර්ගීකරණයේදී B කාණ්ඩයේ බස් රථයක් ලෙස ගැනේ...
2*2 සැකැස්මට (Layout) නිමවූ මගී ආසන 41 ක් බස් රථය සතු අතර පැති හදිසි දොරටුවක්ද (Emergency Exit) සහිතයි.. එසේම Jack-Knif ආකාරයට නිමවූ ( JK Type ) දොර දෙකකින් සමන්විත අතර ඉන් ඉදිරිපස දොර ස්වයංක්රීය ලෙස ( Auto Door ) රියදුරුට හැසිරවිය හැකි වීමද විශේෂත්වයකි...
එදා මෙදා තුර ශ්‍රී ලංගම සතු වූ විශිෂ්ඨතම බස් රථ මාදිලියක් ලෙස සැලකෙන මෙම ELR 500 වර්ගයේ බස් රථ 120 ක් ජපාන රජයේ ප්‍රදානයක් ලෙස 1988/89 වකවානුවේදී ලංකාවට ලැබී ඇති අතර ඒවා දිවයිනේ විවිධ ඩිපෝවන් වෙත බෙදී ගොස් ඇත..
කෙසේ නමුත් පසුකාලීනව ලංගම වෙන්දේසි මගින් මෙම මාදිලියේ බස් රථ පුද්ගලික අංශය මගින්ද මිලදී ගත් අතර බොහෝ බස් රථ මේ වන විට මහා මාර්ග වල ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර හෝ යකඩ බරට කඩා අවසාන කර ඇත..



No comments:

Post a Comment