Friday, March 8, 2024

NA-4044

Pic by Sampath Samarasinghe

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේRuby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...කෙසේ නමුත් වර්තමානයේදී ඩිපෝව මගින් නව Turbo එන්ජිමක් සවි කර ධාවනයට යොදවා ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 4044 

📍 මෙම බස් රථය මාර්ග අංක 477 රත්නපුර - ශ්රී පලාබද්දල සේවාව සඳහා යොදවා ඇති අතර 2023/24 සිරිපා වන්දනා වාරයද මේ වන විට ආරම්භ වී ඇත...
රත්නපුර රජ මාව⁣ත ඔස්සේ පොදු ප්රවාහන සේවාව මගින් සිරිපා කරුණා කිරීමට බලාපොරොත්තු වන අය සිටී නම් රත්නපුර බස් නැවතුම්පොලෙන් ශ්රී පලාබද්දල දක්වා පළමු බස් රථය පෙ.ව. 5.30 ටද අවසාන බස් රථය ප.ව. 7.15 ටද පිටත් වේ...
ප.ව 8.00 ටද පුද්ගලික බස් රථයක ගමන් වාරයක් ඇතත් එය බොහෝ දුරට ධාවනය නොවීමේ සම්භාවිතාවක් ඇත...
අතරතුර කාල පරාසයේ සෑම විනාඩි 30 ක් නොඉක්මවන කාල වේලාවක් තුල බස් රථ පිටත්වීම් සිදුවේ...
ශ්‍රි ලංගම බස් රථ 4 ක් හා පුද්ගලික බස් රථ 3 ක් මගින් ගමන් වාර ආවරණය වේ...

as @ 28/01/2024...✍️©️MCSL

Important ~ 🚫
2003 අංක 36 දරණ [ සංශෝධිත ] බුද්ධිමය දේපල පනත ( Intellectual Property Act No; 36 of 2003 ) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට ⁣හෝ විකරණයකට ( infix ) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..


No comments:

Post a Comment