Saturday, May 6, 2023

NA-0798

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු Ashok Leyland Viking 193 වර්ගයේ Utkal බඳ සහිත බස් රථයක්...
ලියාපදිංචි අංක NA 0798 දරණ මෙම බස් රථය 2005 වසරේදී නිෂ්පාදිත අතර එම වසරේදීම රත්නපුර ඩිපෝව වෙත ලැබී ඇත..
බස් රථයේ බඳ නැගෙනහිර ඉන්දියාවේ Jharkhand ප්රාන්තයේ Jamshedpur හි පිහිටි Utkal Automobiles Ltd පුද්ගලික සමාගම මගින් නිපදවා ඇති අතර 2*2 සැකැස්මට නිර්මිත (Layout) මගී ආසන 42 කින් යුක්ත වෙයි..
බස් රථය Euro power (E2) එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් යුක්තයි..
රෝද පාදම් අතර පරතරය 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1785 mm වේ.. එසේම චැසියේ පසුපසට නෙරා ඇති කොටස (ROH) 2941 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි...
කෙසේ නමුත් රථයේ ඉදිරිපස මුල් පෙනුම පසුකාලීන අළුත්වැඩියාවක් හේතුවෙන් (Shell and Headlights box) තරමක් වෙනස් වී ඇත..
මෙම බස් රථය ඇහැලියගොඩ - රත්නපුර " සිසුසැරිය " පාසැල් සේවා බස් රථයක් ⁣ලෙසින්ද සේවය සපයන බැවින් පාසැල් සේවා බස් රථ සඳහා අනුමත ජාත්යන්තර වර්ණය වන කහ වර්ණයෙන් මෙලෙස නැවත පින්තාරු කර ඇත. 

No comments:

Post a Comment