Friday, August 18, 2023

61-7258

Pic by  Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් TATA LP 1210/52 මාදිලියේ Latec Duple Metsic බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 61-7258
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1210/52 චැසියක් මත ලටෙක් සමාගම මගින් වේරහැර වැඩපොලේ දී  බද නිපදවා ඇත
1993 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
ලංගමට අයත්ව තිබූ වේරහැර මධ්යම වැඩපොල මෙම බස් රථ නිපදවූ කාලවකවානුව වන විට පුද්ගලීකරණය කර තිබුණි..කෙසේ වෙතත් මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති වේරහැර මධ්යම වැඩපොලේදී නිපදවූ බස් රථ විශාල ප්රමාණයක් එවකදී ලංගමට ලබා දුන් අතර පුද්ගලික අංශය විසින්ද මිලදී ගෙන මෙරට ජාතික ප්රවාහන පද්ධතියට එකතු කරන ලදී..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි..
එසේම රෝද අතර පරතරය 5195 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයේ බස් රථයක් වේ...
 බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත... 


 

No comments:

Post a Comment